සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී ලංකාවක්"
 
​ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව සහ පාරදෘශ්‍යභාවය ඉහළ නංවමින්, දූෂණයෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩනැඟීමේ අරමුණින් “සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක්” ජාතික මෙහෙයුම මේ වන විට ක්‍රියාත්මකයි. 🏛️
​අපේක්ෂිත සැබෑ 'සුපිළිපන් රාජ්‍ය සේවකයා' යනු කවුරුන්ද?
• ​මහජන යහපතට මුල්තැන: පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා පොදු මහජන යහපතට නිතරම ප්‍රමුඛතාවය දෙන්නෙකි.
• ​ස්වයං විනය: කිසිවෙකු බලා නොසිටියත්, කිසිදු අධීක්ෂණයකින් තොරව වුවද නිවැරදි දේ කරන්නෙකි.
• ​ආචාරධාර්මික සේවය: ඉහළ ප්‍රතිපත්ති මත පිහිටා, ස්වයං-පාලනයකින් යුතුව ඉතා ප්‍රියමනාපව ජනතාවට සේවය සපයන්නෙකි.
​මෙම උතුම් ගුණාංගයන්ගෙන් හෙබි, සදාචාරාත්මක රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම මෙම ජාතික වැඩසටහනේ මූලික අරමුණයි.
මෙම ජාතික වැඩසටහනේ රාජ්‍ය සේවක ප්‍රතිඥාව අද දින රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී රත්තොට ප්‍රාදේශීය මහලේකම් අංජලා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් හා මාණ්ඩලික නිලධාරීන් ඇතුළු කාර්යාල නිලධාරීන් රැස්ව ලබා දීමට කටයුතු කලෝය.
​වඩාත් යහපත් සහ පිරිසිදු දේශයක් ගොඩනැගීමේ මහජන මෙහෙයුමට අපත් සහාය දෙමු!
 
757399057 122111498295378067 1662285712329603262 n758274372 122111498427378067 3883010038301931395 n758964179 122111498817378067 6913864401088264095 n758964667 122111498769378067 6692006522310204607 n

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය ජනතාවට පිං පෙත් අනුමෝදන් කිරිමත්,විපතට පත් ආදරණීය ජනතාවට රත්තොට ප්‍රදේශවාසීන් හට,සමස්ථ රටවැසි ජනතාවට සෙත් පැතීමේ අරමුණ ඇතිවත්,78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය ජනතාවට පිං පෙත් අනුමෝදන් කිරිමත්,විපතට පත් ආදරණීය ජනතාවට රත්තොට ප්‍රදේශවාසීන් හට,සමස්ථ රටවැසි ජනතාවට සෙත් පැතීමේ අරමුණ ඇතිවත්,78 වන ජාතික නිදහස් දිනයට සමගාමීව, රත්තොට ප්‍රාදේශිය ශාසනාරක්ෂක මණ්ඩලය හා රත්තොට ප්‍රාදේශීය මහලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන

සර්ව රාත්‍රික පිරිත් සජ්ඣායනය හා හීල් දානමය පුණ්‍ය කර්මය 


- 2026 පෙබරවාරි 03 වන දින 

⏰රාත්‍රී 08.00 සිට පසුවදා (04) උදැසන දක්වා 

- රත්තොට ප්‍රාදේශීය මහලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.                                   

මෙම උතුම් පුණ්‍ය කර්මයට සහභාගි වී අශීර්වාද ලබාගන්නා මෙන්, ඔබතුමාට / ඔබතුමියට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.

 

Pirith Invitaion 2026

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2023
 

Suplier reg 2023

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top