122234688 3758603897496539 1602215177904329755 o
 
ඔබට කෙරෙන විශේෂ නිවේදනයයි⚠️
⁣කොවීඩ් 19 ආසාදිත වූ රෝගියකු පිළිබඳව තොරතුරු මේ වනවිට රත්තොට ⁣ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටිය වසම ආශ්‍රිතව ද වාර්තා වී තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිත පොකුරෙන් අදාල පුද්ගලයාට කොවීඩ් 19 වෛරස ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මේ වනවිට ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සිදුකරමින් පවතී. මේ සඳහා ඔබගේ සහය පොලිසිය හා සෞඛ්‍ය අංශ වෙත ලබා දෙන ලෙස ද අප ඉල්ලා සිටිමු.
ආශ්‍රිතයන් පිළිබඳව යම් තොරතුරු දන්නේ නම් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ 0662255278 ට දැනුම් දිය හැක.
එසේම ආශ්‍රිත පුද්ගලයා විවිධ ස්ථානවලට ගමන්කර ඇතැයි තොරතුරු ලැබී ඇති බැවින් ගමන් බිමන් අඩුකර හැකිතාක් දුරට ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිවෙසටම වී සිටින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු!!!
තවද ඔබ පසුගිය 21 වැනිදායින් පසුව යම් කාර්යයක් සඳහා රත්තොට නගරයට පැමිණියේ නම් ඔබට උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,උගුර කැක්කුම ආදී රෝග ලක්ෂණ පෙන්වන්නේනම් රත්තොට සෞඛ්‍ය වෙවද්‍ය නිලධාරී කාර්යාලය අමතා වෛද්‍ය සහය පතන්න.

 

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top