ප්‍රධාන කාර්යභාරය
• කොට්ඨාසයේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා මෙහෙයවීම.
• සම්පත් පැතිකඩ සකස් කිරීම, යාවත්කාලීන කිරීම හා සංවර්ධන අවශ්‍යතා හඳුනාගැනීම.
• ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සංවිධානය කිරීම
• සංවර්ධන හා සම්පත් පැතිකඩ තොරතුරු අවශ්‍ය පාර්ශව වෙත ලබා දීම.
ඉදිකිරීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
• ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
• ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමත යෝජනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීම හා ප්‍රතිපාදන ලබා ගැනීම.
• පූර්ව විමර්ශන හා තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හා යෝග්‍යතාව පරීක්ෂා කිරීම)
• ඇස්තමේන්තු සැකසීම.
• ඇස්තමේන්තු අනුමත කිරීම. ( රුපියල් ලක්ෂ 20ට වැඩි වටිනාකමින් යුත් ව්‍යාපෘති ඇස්තමේන්තු දිස්ත්‍රික් ඉංජිනේරු මගින් අනුමත කිරීම )
• ප්‍රසම්පාදන තීරණ ලබා ගැනීම. ( රුපියල් ලක්ෂ 20ට අඩු වටිනාකමින් යුත් ව්‍යාපෘති පමණක් සෘජු කොන්ත්‍රාත් ක්‍රමය යටතේ ලබාදීමට හැකියාව ඇත )
• ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සදහා අදාළ සංවිධානය හෝ ආයතනය සමග ගිවිසුම්ගත වීම. ( අදාළ ආයතනය හෝ සංවිධානය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් සම්පූර්ණ කර තිබිය යුතුය )
• ව්‍යාපෘතියේ ඉදිකිරීම් ඇරඹීම. ( තාක්ෂණ නිලධාරීගේ උපදෙස් හා ග්‍රාම නිලධාරී වසම්භාර සංවර්ධන නිලධාරීගේ අධීක්ෂණය යටතේ ව්‍යාපෘතිය ආරම්භ කළ යුතුය )
• ඉදිකිරීම් ක්‍රියාවලිය පරීක්ෂා කිරීම. ( ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා වෙනත් සෘජු අදාළ ආයතන හා නිලධාරින් )
• ඇස්තමේන්තු ප්‍රකාරව ව්‍යාපෘතිය නිම කිරීමෙන් පසු ව්‍යාපාතිය නිම කළ බව අදාළ සංවිධානය හෝ ආයතනය විසින් ප්‍රාදේශීය ලේකම් වෙත ලිඛිතව දැන්වීම.
• ගිවිසුම්ගත සංවිධානය හෝ ආයතනය මගින් ගෙවීම් වාර්තාව සකස් කර අනුමත බිල්පත්, පරීක්ෂණ වාර්තා හා අධීක්ෂණ වාර්තා සමග ප්‍රාදේශීය ලේකම් වෙත ඉදිරිපත් කිරීම.
• ඉදිකිරීම් ඇස්තමේන්තුවට අනුව අවසන් කර ඇත්නම් ගෙවීම් කටයුතු සිදු කිරීම.
• අදාල කාල සීමාව අවසන්වීමෙන් පසු රැඳවුම් මුදල් නිදහස් කිරීම.
• මේ සියළු ව්‍යාපෘති පිළිබද සතිපතා දි.ලේ.කා. හා අදාල අමාත්‍යංශ වෙත වාර්තා ඉදිරිපත් කිරීම. (මේ සියළු ව්‍යාපෘති අදාල වර්ෂයේ දෙසැම්බර් 31 දිනට පෙර අවසන් කල යුතුය)
මිල දී ගැනීම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය
• ව්‍යාපෘති යෝජනා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව වෙත යොමුකර අනුමැතිය ලබා ගැනීම.
• ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ අනුමත යෝජනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කිරීම හා ප්‍රතිපාදන ලබා ගැනීම.
• පූර්ව විමර්ශන හා තත්ව වාර්තා ලබා ගැනීම. (ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය හා යෝග්‍යතාව පරීක්ෂා කිරීම)
• ප්‍රතිපාදන ලබා ගැනීම.
• ආයතන හෝ පාර්ශව වෙතින් මිළ දී ගැනීම් අවශ්‍යතා හා අදාළ ලියවිලි ලබා ගැනීම. ( ආයතනයේ / සංවිධානයේ ලියාපදිංචිය )
• මිල ගණන් කැඳවිම හා මිල දී ගැනීම් සඳහා ගිණුම් අංශය වෙත ඉදිරිපත් කිරීම.
• අදාළ මන්ත්‍රීවරයාගේ උපදෙස් අනුව භාණ්ඩ බෙදා දීම
2020 වර්ෂයේ ක්‍රියාත්මක වැඩසටහන්
- කඩිනම් ග්‍රාමීය සංවර්ධන "ගම්පෙරළිය" වැඩසටහන
මේ යටතේ ව්‍යාපෘති ක් ග්‍රාම නිලධාරී වසම් 54 ක තුළ ක්‍රියාත්මක වේ.
- ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහන
මේ යටතේ ව්‍යාපෘති 15ක් ග්‍රාම නිලධාරී වසම් 15ක් තුළ ක්‍රියාත්මක වේ.
- ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන
මේ යටතේ ව්‍යාපෘති 5ක් ග්‍රාම නිලධාරී වසම් 3ක් තුළ ක්‍රියාත්මක වේ.
- අවිච්ඡේද
මේ යටතේ ව්‍යාපෘති 4 ක් ග්‍රාම නිලධාරී වසම් 4ක් තුළ ක්‍රියාත්මක වේ.
- විමධ්‍යගත මූලධන අයවැය වැඩසටහන
මේ යටතේ ව්‍යාපෘති ක් ග්‍රාම නිලධාරී වසම් 54 ක් තුළ ක්‍රියාත්මක වේ.
- පළාත් නිශ්චිත වැඩසටහන
මේ යටතේ ව්‍යාපෘති 4 ක් ග්‍රාම නිලධාරී වසම් 4ක් තුළ ක්‍රියාත්මක වේ.






























