Feedback Sin   Feedback Tam

 RTI SIN

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත              - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග           - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරණ අති විශේෂ ගැසට් පත්‍රය

පොදු අධිකාරිය  -  ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

තොරතුරු ඉල්ලීමක් අයදුම් කිරීම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම් පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාළ තොරතුරු සැපයිය හැකි ද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම්, ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේ නම්, තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝ කිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුළ සිදුකරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාළව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර,විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම් පත්‍ර

          අයදුම් පත්‍ර භාගත කිරීම

ආයතන අංශය

සමාජ සේවා අංශය

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

විශ්‍රාම වැටුප් අංශය

ප්‍රධාන අමාත්‍යාංශ

 Ministries of Central Province

Central Government Department of Sri Lanka

Department of Central Province

Commisions Of Sri lanka

 Commisions in Central Province

Others important Institutes in Sri lanka

Other important Institutes Of Central Province

 

ආපදාවකදී ඇමතිය හැකි දුරකථන අංක

අනු අංකය

ස්ථානය/ නිලධාරියා

ලිපිනය

දුරකථන අංකය

1

ආපදා කළමනාකරණ අමාත්‍යංශය

අංකය 383, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

0112695013/ 2681980

2

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අංක 2-222,  BMICH, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

0112670002

3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ

0662 230 926 / 0773 957 890

4 ආපදා සහන සේවා නිලධාරි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, රත්තොට 0662 220 790 / 0773 531 632
5 ගිනි නිවන හමුදාව 066-5679922
6 බෝම්බ නිශ්ක්‍රීය අංශය යුධ හමුදා කදවුර 011 2434251 /076 6911640
7 යුධ හමුදා කඳවුර උකුවෙල 025-3897553 / 066-2245230
8 ගුවන් හමුදා කදවුර
9 පොලිස් හදීසි ඇමතුම් අංශය   119
10 මාතලේ හදීසි ඇමතුම් ගිලන් රථ සේවා   110
11 නව ගිලන් රථ සෙවය   1990
12 ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය මාතලේ

ආපදා කළමනාකරණ සැළැස්මෙහි අවස්ථා

  • ආපදා පෙර සූදානම
  • ප්‍රතිචාර දැක්වීම
  • සහන ලබා දීම.

ආපදා පෙර සුදානම

  • ආපදා සිදුවිය හැකි ස්ථාන හදුනා ගැනිම.
  • සිතියම් ගතකිරිම.
  • සැලසුම් සකස් කිරීම.
  • ආපදා කමිටු ස්ථාපනය කිරීම.
  • ප්‍රජාව දැනුවත් කිරීම.
  • ආයතන  හා සම්බන්ධතාවය පවත්වා ගැනීම.
  • ආපදා අවම කිරීමට අදාලව ව්‍යාපෘති ඉදිරිපත් කිරීම.

ප්‍රතිචාර දැක්වීම

  • ආපදා පෙර සූදානම් සැලැස්ම සකස් කිරිම.
  • අනතුරු ඇගවීම.
  • තොරතුරු ලබා දීම හා සම්බන්ධීකරණ කටයුතු.
  • ප්‍රජාව සහ දේපල ගලවාගැනීමට ක්‍රීයාත්මක විම.
  • සහන කදවුරු පවත්වාගෙන යාම.
  • සුභසාධන කටයුතු ක්‍රියාත්මක කිරීම.

සහන ලබා දීම

  • හානි තක්සේරු කටයුතු.
  • යටිතල පහසුකම් සදහා අදාල ආයතන සම්බන්ධීකරණය කිරීම.
  • සහන ලබා දීම.
    • සහන ලබා දීමට ඉදිරිපත්වන ආයතන  සම්බන්ධීකරණය.
    • තොරතුරු හා වාර්තා අදාල ආයතන වලටලබා දීම.
    • උපදේශන සේවා ක්‍රීයාත්මකකිරීම.
    • පුනරුත්ථාපන කටයුතු.

 

ප්‍රාදේශීය ආපදා කළමනාකරණ සැලැස්ම

  • ආපදා කළමනාකරණ කමිටු ස්ථාපනය කිරිම.
  • ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ආපදා කමිටුව ස්ථාපනය කිරීම.
  • ග්‍රාම නිලධාරී වරුන්ගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ආපදා කළමනාකරණ කමිටු පිහිටුවිම.

හදීසි ආපදා තත්වයකදී අවශ්‍ය උපකරණ ලබාගත හැකි ස්ථාන

අවශ්‍ය උපකරණ

හදීසි ආපදා තත්වයකදී ගුවන් යානා ගොඩබැස්ස විය හැකි ස්ථාන

හෙලිපථ පිළිබඳ විස්තර

රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදීසි ආපදා ඇතිවිය හැකි වසම් කිහිපයක් .......

desaster area web
 

 

අනු-ප්‍රවර්ගයන්

News & Events

28
ජූලි2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
පෙබ2026
බැතිබර ආරාධනයයි!

බැතිබර ආරාධනයයි!

දිටිවා සුළි කුණාටුවෙන් දිවි අහිමි වූ ආදරණීය...

Scroll To Top