-
Details
-
Category: News & Events
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථානයක්
විශේෂ අවශ්‍යතා සහිත දරුවන් උදෙසා කුසලතා මධ්‍යස්ථානය විවෘත කෙරේ.යුරෝපා සංගමයේ ප්‍රතිපාදන මත රත්තොට ප්‍රාදේශීය සභාව සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කෙරිණි.
රත්තොට කොට්ඨාසයේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ කුසලතා වර්ධනය සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සුළු අපනයන අළෙවිය උදෙසා ද මෙම මධ්‍යස්ථානය මගින් පහසුකම් සැලසේ.
රුපියල් මිලියන 1.3 යුරෝපා සංගමයේ ප්‍රතිපාදන මත කයිකාවල කම්බිඅඩිය ප්‍රදේශයේ මෙම මධ්‍යස්ථානය ඉදි කෙරිණි.රත්තොට බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක බලකාය මගින් මෙහි ඉදිකිරීම් සඳහා ශ්‍රම දායකත්වය ලබා දී තිබේ.
රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත්,රත්තොට ප්‍රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකෝන්,රත්තොට සහකාර ප්‍රාදේශීය ලේකම් අංජලා දිසානායක,පල්ලේගම කොට්ඨාස මන්ත්‍රි නිශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙන්ම රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.
රත්තොට ප්‍රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාගේ උපදෙස් මත රත්තොට සහකාර සැලසුම් අධ්යක්ෂ ලක්මිණි තිලකරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් අදාල ව්‍යාපෘති වාර්තාව සකස් කෙරිණි.ඒ අනුව ලැබුණු ප්‍රතිපාදන මත රත්තොට ප්‍රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් අදාල භූමිය මධ්‍යස්ථානය ඉදිකිරීමට ලබා දීම සිදුව තිබේ.රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ සමාජ සංවර්ධන අංශය සහ වනිතා සංවර්ධන අංශය මගින් මෙහි මෙහෙයුම් කටයුතු සිදුවේ.
රත්තොට කොට්ඨාසයේ වීශේෂ අවශ්‍යතා සහති දරුවන් තිහකට ආසන්න සංඛ්‍යාවක් මෙහි පළමු අදියර යටතේ කුසලතා සංවර්ධනයට එක්කරගෙන තිබේ.

-
Details
-
Category: News & Events
ඔබට කෙරෙන විශේෂ නිවේදනයයි
️
කොවීඩ් 19 ආසාදිත වූ රෝගියකු පිළිබඳව තොරතුරු මේ වනවිට රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිමැටිය වසම ආශ්‍රිතව ද වාර්තා වී තිබේ.
පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්රිත පොකුරෙන් අදාල පුද්ගලයාට කොවීඩ් 19 වෛරස ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
මේ වනවිට ඔහු ඇසුරු කළ ආශ්‍රිතයන් හඳුනා ගැනීම සිදුකරමින් පවතී. මේ සඳහා ඔබගේ සහය පොලිසිය හා සෞඛ්‍ය අංශ වෙත ලබා දෙන ලෙස ද අප ඉල්ලා සිටිමු.
ආශ්‍රිතයන් පිළිබඳව යම් තොරතුරු දන්නේ නම් රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ 0662255278 ට දැනුම් දිය හැක.
එසේම ආශ්රිත පුද්ගලයා විවිධ ස්ථානවලට ගමන්කර ඇතැයි තොරතුරු ලැබී ඇති බැවින් ගමන් බිමන් අඩුකර හැකිතාක් දුරට ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නිවෙසටම වී සිටින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු!!!
තවද ඔබ පසුගිය 21 වැනිදායින් පසුව යම් කාර්යයක් සඳහා රත්තොට නගරයට පැමිණියේ නම් ඔබට උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව,උගුර කැක්කුම ආදී රෝග ලක්ෂණ පෙන්වන්නේනම් රත්තොට සෞඛ්‍ය වෙවද්‍ය නිලධාරී කාර්යාලය අමතා වෛද්‍ය සහය පතන්න.