විශේෂ අවශ්යතා සහිත දරුවන් වෙනුවෙන් මධ්‍යස්ථානයක්

විශේෂ අවශ්යතා සහිත දරුවන් උදෙසා කුසලතා මධ්යස්ථානය විවෘත කෙරේ.යුරෝපා සංගමයේ ප්රතිපාදන මත රත්තොට ප්රාදේශීය සභාව සහ රත්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලය මගින් මෙම මධ්යස්ථානය ස්ථාපනය කෙරිණි.
රත්තොට කොට්ඨාසයේ විශේෂ අවශ්යතා සහිත දරුවන්ගේ කුසලතා වර්ධනය ⁣සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ සුළු අපනයන අළෙවිය උදෙසා ද මෙම මධ්යස්ථානය මගින් පහසුකම් සැලසේ.
රුපියල් මිලියන 1.3 යුරෝපා සංගමයේ ප්රතිපාදන මත කයිකාවල කම්බිඅඩිය ප්රදේශයේ මෙම මධ්යස්ථානය ඉදි කෙරිණි.රත්තොට බහුකාර්යය සංවර්ධන කාර්යය සාධක බලකාය මගින් මෙහි ඉදිකිරීම් සඳහා ශ්රම දායකත්වය ලබා දී තිබේ.
රත්තොට ප්රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්රිය හේරත්,රත්තොට ප්රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකෝන්,රත්තොට සහකාර ප්රාදේශීය ලේකම් අංජලා දිසානායක,පල්ලේගම කොට්ඨාස මන්ත්රි නිශාන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙන්ම රත්තොට ප්රාදේශීය ලේකම් කාර්යාල මාණ්ඩලික නිලධාරීන් ඇතුළු පිරිසක් මේ සඳහා සහභාගී වූහ.යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද මේ සඳහා එක්ව සිටියහ.
රත්තොට ප්රාදේශීය ලේකම් නිශාන්ත දිනිප්රිය හේරත් මහතාගේ උපදෙස් මත රත්තොට සහකාර සැලසුම් අධ්යක්ෂ ලක්මිණි තිලකරත්න මහත්මියගේ මෙහෙයවීමෙන් අදාල ව්යාපෘති වාර්තාව සකස් කෙරිණි.ඒ අනුව ලැබුණු ප්රතිපාදන මත රත්තොට ප්රාදේශීය සභා සභාපති කුමාරසේන තෙන්නකෝන් මහතාගේ මැදිහත්වීමෙන් අදාල භූමිය මධ්යස්ථානය ඉදිකිරීමට ලබා දීම සිදුව තිබේ.රත්තොට ප්රාදේශීය ලේකම් කාර්යාලයයේ සමාජ සංවර්ධන අංශය සහ වනිතා සංවර්ධන අංශය මගින් මෙහි මෙහෙයුම් කටයුතු සිදුවේ.
රත්තොට කොට්ඨාසයේ වීශේෂ අවශ්යතා සහති දරුවන් තිහකට ආසන්න සංඛ්යාවක් මෙහි පළමු අදියර යටතේ කුසලතා සංවර්ධනයට එක්කරගෙන තිබේ.

257764659 255744809921996 3061508074494829951 n

News & Events

28
Jul2026
For a Supilipan Public Service - "A Clean Sri Lanka"

For a Supilipan Public Service - "A Clean Sri Lanka"

සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා - "ක්ලීන් ශ්‍රී...

02
Feb2026
🙏Invitation!

🙏Invitation!

An all-night Pirith chanting and heel alms...

26
Feb2024
National Water Safety Policy

National Water Safety Policy

  National Water Safety Policy Pdf Download

Scroll To Top